Skip to main content

80/20 තියරිය, එහෙම නැත්නම් 80/20 න්‍යාය


බොහෝ දෙනෙක් පෞද්ගලිකව අත් විඳලා තවම තියරියක් විදියට කියන්න නොතේරෙන
එහෙම නැත්නම් තියරියක් විදියට ඉගෙනගෙන තියෙන සංකල්පයක් කියන්නයි හදන්නේ
මේකට කියන්නේ 80/20 තියරිය, එහෙම නැත්නම්  80/20 න්‍යාය. (Pareto principle)
මේක ඕනෑම සිද්ධීන් වලට අදාලයි. නමුත් මම කතා කරන්නේ මාකටිං සම්බන්ධ කොටස විතරයි.
මේකේ මූලික කරුණු ටික විතරයි මෙතන තියෙන්නේ. ඉතුරු ටික හොයන්න මෙතැන ලින්ක් ටිකක් තියෙනවා

සාරාංශය : ඔබගේ ව්‍යාපාරයේ 80%ක ආදායම ලබා දීමට දායක වන්නේ ඔබගේ ගනුදෙනුකරුවන් 20%කි

විස්තරයට මම උදාහරණයක් කියන්නම්
උදාහරණයක් විදියට ඔයා අද දවසම බිස්නස් කරලා රුපියල් 100ක් හෙව්වා. ගැනලා බලද්දී හරියටම කස්ටමස් ල 100ක් ඇවිත් තියෙනවා අද දවසට.
බොහෝ වෙලාවට අපි හිතන දෙයක් තමයි එතකොට එක්කෙනෙක් රුපියලක් ගානේ ගනුදෙනු කරලා කියල.
නෑ. මේ තියරියේ කියන්නේ ඔයා ට ලැබුණ රුපියල් 100 න් 80ක් ම ඔයාට දීල තියෙන්නේ ආව ගනුදෙනුකාරයෝ 20ක් විතර. එතකොට? අනිත් 80ම ඇවිත් තියෙන්නේ රුපියල් 20ක බඩු ගන්න විතරයි.
ආයෙත් කියන්න ද
ඔයා ට ලැබුණ රුපියල් 100 න් 80ක් ම ඔයාට දීල තියෙන්නේ ආව ගනුදෙනුකාරයෝ 20ක් විතර. එතකොට? අනිත් 80ම ඇවිත් තියෙන්නේ රුපියල් 20ක බඩු ගන්න විතරයි.
තව පාරක්
ඔයා ට ලැබුණ රුපියල් 100 න් 80ක් ම ඔයාට දීල තියෙන්නේ ආව ගනුදෙනුකාරයෝ 20ක් විතර. එතකොට? අනිත් 80ම ඇවිත් තියෙන්නේ රුපියල් 20ක බඩු ගන්න විතරයි.

මේ තියරිය තනිකර ම ගේම් චේන්ජ(ර්) එකක් වෙයි ඔයා නොදැන හිටියනම්.

සීන් එක ඇත්ත ද ?

ඔව්, සම්පුර්ණ ඇත්ත 80/20 හරියට ම දශමෙට නැති උනාට  කථාව ඇත්ත.

උදාහරණ කියන්න නම් ගොඩක් මතක් වෙනවා. කීපයක් කියන්නම්.

ඔයාගේ ගෙදරට ඕනි හාල් පොල් ටික ගන්න කඩේ මතක් කරගන්න. අපි මෙතන සලකමු මාසයක් කියන කාලය. පාර අයිනේ තමයි නේ ඔය කඩේ ඇත්තේ. ඔයා මොනතරම් බඩු ගන්නවද මාසෙට. බොහෝ විට පොලට ගිහින් එළවලු ටික ගෙනාවට ඉතුරු බඩු ඔක්කොම ටික, හාල්, පොල්, සබන්, සැමන් වගේ ටින් කල එහම නත්නම් සමපෝෂ වගේ පැකට් කල ආහාර, කොසු ඉදල් වගේ බඩු අනිත් හැම දේම ගන්නේ ඔතනින් නෙහ්. පිටින් ගන්නවානම් ගන්නේ ඔතන නැති දෙයක් (විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපාංග, නිමි ඇදුම් වගේ ඔතන නැති ඒවා.....) ඔය විදියට ගමේ ගොඩක් අය ඔතනින් තමයි බඩු ගන්නේ.  හැබැයි පාර අයිනේ තියෙන කඩයක් කියන්නේ දන්නවනේ, කොහේ හරි ට්‍රිප් එකක් යන උන් වගයක් බැහැල දවස් දෙකේ ට්‍රිප් එකට ඕන උයන පිහන බඩු ඔක්කොම ගන්න තැන ඉදල  බයික් එකක් නතර කරලා සිගරට් එකක් ගන්න විතරක් නෙවෙයි, සිගරට් එකක් බීල ගෙදර යන මනුස්සයෙක් හදිසියට හැක්ස් ටොපියක් කන තැන දක්වා බිස්නස් දවසට ඔය කඩේට එනවා. ඔය කවුරු ආවත් ඔයා මාසෙට ගන්න බඩු ගොඩ වගේ ගොඩක් ගන්නෙ නෑ එන කවුරැවත්. එතකොට? ඔව් ඔයා එහෙම හිතුවනම් හරියටම හරි, ඔයා ඉන්නේ අර කඩේ ගනුදෙනුකරුවන් ගේ  20% පැත්තේ. අර ගමේ බඩු ගන්න ඔක්කොමල ඇරෙන්න අර ඉතුරු අය මොකද කරලා තියෙන්නෙ. ඒ ගොල්ලෝ හෙන පිරිසක් ඇවිත්, තියරියට අනුව බැලුවොත් ගමේ කට්ටිය වගේ 4 ගුණයක් සෙනග ඇවිත්. හැබැයි බඩු අරන් තියෙන්නේ ගමේ ම අය ගන්න තරමින් 4න් 1යි.

මේ උදාහරණෙ ම පොඩ්ඩක් දිගුවක් අරන් ඊළඟ එකට යන්නම්, හදිසියේ ඔය කඩේ පොල් නැති  වෙනවා, දැන්? ඔයා යනවා අල්ලපු කඩේ ට, අල්ලපු එකක් නැත්නම් වෙන ටිකක් දුර තියෙන තැනකට. ගිහිල්ල අර බඩු ලිස්ට් එකම ගන්නවද, දුර ආව නිසා ඔක්කොම මෙතනින් ගන්නවා කියල. බොහෝ දුරට පොල් පමණ මයි. වැඩිම උනොත් අර කඩේ නොතිබුන ඉතා ගොඩක් මිල නොවන මොනවහරි ටිකක් ගෙනෙයි.  එතකොට, ඔව්, ඔයා ආයේ හිතුව හරි, ඒ කඩේ ගනුදෙනුකරුවන්ගේ නියැදියේ ඔයා අයිති 80% ගොඩට.

සිද්දිය අත්දැකලා තිබුනට මේ විදියට හිතුවේ නෑ නේද? එතකොට ? අපි දන්නා දෙයක් ම ඇයි මේ කියන්නේ. කොහොමද මේක වටින්නේ.

කොහොමද ප්‍රයෝජන ගන්නේ කියන්න කලින් මේ අදහස හිතට ආවද බලන්න. ඔයා බිස්නස් කරන කෙනෙක් නම් වැඩිය වටින්නේ අර 20% රැකගන්න එක කියල.එක ආවනම් ඔයාගේ සාමාන්‍ය දැනුම හොඳයි. කරන්න ඕන එකම දේ  20% ට සලකන එක කියල විතරක් හිතුන නම් ඔයා පොඩ්ඩක් සාමාන්‍යයි. පොඩ්ඩක් අසාමාන්‍ය කෙනෙක් නම් ඔයාට මෙහෙමත් හිතෙන්න ඕන. කොහොමද මම අර 80% එකෙක් ව ඇදලා 20ට දාගන්නේ කියල ඔයා කරන බිස්නස් එක මොනවද මම දන්නේ නෑ, ඔයාගේ ගනුදෙනුකාරයෝ කොහොමද මම දන්නේ නෑ, එත් මම එකක් කියන්නම්. මේ තියරිය අනිවා ඔයාට අදාළ නම් වෙනවා වෙනවාමයි. බලමු කොහොමද වෙළඳ සන්නාම මේක භාවිත කරන්නේ කියල.

දැනට හැම තැනම වගේ භාවිතා වෙන දෙයක්. Loyalty සිස්ටම්, එහෙම නැත්නම් Loyalty පොයින්ට්, Loyalty කාඩ්. ඒවා හාවිතයට එන්නේ මේ තියරිය නිසා තමයි. මොකක්ද එකේ වෙන්නේ. ඔයා බඩු ගන්න හැම වෙලාවකම වියදම් කරන මුදල් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් වශයෙන් ඔයාට ලකුණක්, එහෙම නැත්නම් පොයින්ට්ස් හම්බෙනවා. ෆුඩ් සිටියෙන් බඩු ගනිද්දී "කාගිල්ස් කාඩ් ඒක තියෙනවද මිස්/සර් ?" ආපිකෝ එකෙන් ගනිද්දි "නෙක්සස් කාඩ් එක තියෙනවද?", තව එක එක ඒවගෙන් ගනිද්දී ඒවගේ කාඩ් ගැන අහනවා මතක ද? ඩයලොග් කාඩ් එකක් දාල ටික දවසක් යද්දී ස්ටා පොයින්ට් එකතු උනා කියල මැසේජ් එකක් එහෙම එනවා මතක ද? ඔන්න හේතුව, තමන්ගේ ව්‍යාපාරයට loyal, ඒ කියන්නෙ පක්ෂපාතී අයව තෝරලා ඒ අයට වියදම් කරන මුදලට සමානුපාතිකව තෑගී දෙනවා. පොයින්ට් එකක්, ලකුණු කීපයක්.

අර පොල් ගෙඩිය ගන්න ගිය කඩෙන් කොහොමද දවස් 3ක් පොල් ගන්න අයට හාල් 5ක කවරයක් ගනිද්දී 30%ක වට්ටමක් දුන්නොත්.  තව දවස් දෙකනෙ කියල අපේ කඩේ පොල් තිබුනත් නැතත් අතනට යනවා පොල් ගන්න. තුන් වෙනි දවසේ 30%ක් වට්ට්මට හාල් ගත්තහම, දවස් 2ක් හාල් ගනිද්දී එහෙම නැත්නම් කිලෝ 10ක ට වඩා ගනිද්දී හරි ආයේ මොනවහරි දෙනවා කියල දැනගන්නවා. පොල් වලින් හාල්, හාල් වලින් සීනි ඔහොම ගිහින් අන්තිමේ අපි ඒ කඩේ 20%ට වැටෙනවා. ඔන්න ඔතනින් අපි වරදාගන්නවා, දැන් ආයේ මොනවත් දෙන්න ඕන නෑ, දැන් ශුවර් කස්ටමර්, කියල ෆ්‍රී දීපු දේවල්, පොයින්ට් අයින් කරනවා. ආයේ වෙන දේ කියන්න ඕනි නෑ නෙහ්.  වෙන කවුරු හරි ඒ කස්ටමර් ව loyal කරගන්නවා.

මෙහෙම තෑගී දෙන ඒවා තියෙනවා නේද කියල හිතුනද. ඔව්, තියෙනවා, තිබුනා, කිරි පැකට් එක ගනිද්දී භාජනයක් ෆ්‍රී, එකක් ගනිද්දී අනිත් එක ෆ්‍රී මොනවහරි තමයි තිබුනේ මෙච්චරකල්. හැබැයි ඒ ගොඩක් වෙලාවට තොග අවසන් වන තුරු, උත්සව සමයට වගේ කාලෙකට විතරනේ. දැන් විදිය තමයි හැමදාම පොයින්ට් දෙනවා.

ඔන්න ඕක තමයි තියරිය සහ ප්‍රයෝගික භාවිතය.

ඔයා ගේ ව්‍යාපාරයට ගැලපෙන ක්‍රමයට හසුරවාගන්න එක ඔයාට බාරයි. ලිපිය අවසන්.

මේක ලියන්න ගොඩක්ම හිතුවේ බිස්නස් කරන කට්ටියගේ ටෝක් දැකලා. "මොන රෙද්දක් ද බන්, ඔච්චර ලයින් බලන්න බෑනේ බන්, බැන්නා කුණුහරුපෙන්", "උට ඕන කියන මගුල් ඔක්කොම කරන්න බෑ, මම දමල ගහල නිකන් හිටිය."
අපරාදේ, සමහරවිට අර 20% ට එන්න හිටිය කෙනෙක් වෙන්න තිබුන. අපරාදේ.

ගනුදෙනුකාරයෝ(කස්ටමර්ලා) ගැන වෙනම ලිපියක් ලියන්නම්.
තව දේවල් ලියනවා, නිතර ඇවිත් යන්න. බුක් මාක් දාල තියාගන්න. ජයවේවා.

Comments

Post a Comment